හැබැයි Fatty liver කිව්වොත්? ඔබට ඒ ගැන අදහසක් තියේවි. අක්මාවේ මේදය තැන්පත් වීම කියන්නේ වර්තමානයේ වේගයෙන් හිස ඔසවන ව්‍යවසනයක්.
මොකක්ද ෆැටී ලිවර් කියන්නේ?
සාමාන්‍යයෙන් සිරුරේ ඕනෑම තැනක වගේ අක්මාවෙත් මේදය තැන්පත් වීම සාමාන්‍ය දෙයක්.නමුත් සාමාන්‍ය අවස්ථාවේදී මේදය තැන්පත් වීම සියයට 5ක් පමණ වන අතර එය සියයට 40 දක්වා ඉහළ යාම Fatty liver ලෙස හඳුන්වනවා.
මෙය අවුරුදු හතලිහට පසු සෑදෙන රෝගයක් ලෙස හැඳින්වුවත් දැන් දරුවන්ට පවා මෙය හට ගන්නවා.
හේතුව වැරදි ආහාර රටාවයි.
මෙයට හේතු මොනවද?
- වැරදි ආහාර රටා
- අධික මත්පැන් පානය
- ව්‍යායාම නොකිරීම
- සිරුරේ ස්ථූලතාවය
- රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම
- දියවැඩියාව
- අධික රුධිර පීඩනය
- ජාන තත්ව
- සමහර ඖෂධ දීර්ඝ කාලීනව භාවිතා කිරීම
- පෝෂණ ඌණතා.
- සිරුරේ බර අඩුවන ඖෂධ ලබා ගැනීම සහ සැත්කම් කිරීම
මේ හේතු නිසා අක්මා සෛල විනාශ වී අක්මාවේ ඇති මේදය හරි හැටි දහනය නොවීමෙනුයි රෝගය හටගන්නේ.
මොනවද රෝග ලක්ෂණ?
- සිරුර අප්‍රාණික වීම.
- සිරැරේ බර අඩුවීම
- ආහාර අරැචිය
- උදර වේදනාව,
- මළබද්ධය
- රෝගී වූ අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිමීම
රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට කළ හැකි දේ.
අපි රෝගයට හේතුවන සියලුම හේතුවලින් වැලකීමට වග බලා ගන්න ඕනෑ.රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමද රෝගයට හේතුවක් වන නිසා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීම, අධික තරබාරු නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම, දියවැඩියාව ඇත්නම් සිරුරේ සීනි මට්ටම පාලනය, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබාගැනීම ෆැටී ලිවර් වළක්වා ගන්න හේතුවක්.
මීට අමතරව
එළවළු පළතුරු හොඳින් ආහාරයට ගැනීම
ඕනෑම එළවලු පළතුරු වර්ගයක් මේ රෝගයට ගුණදායකයි
පෝෂණය ඉහළ ආහාර ලබා ගැනීම.
කොළ වර්ග, ධාන්‍ය, කුඩා මාළු වර්ග, තෙල් රහිත මස් ආහාරයට එකතු කර ගැනීම
සිරුරට අගුණ ආහාරවලින් වැළකීම
අධික ලුණු සහිත ආහාර, තෙල් හා අධිකව මිරිස් හා කුළුබඩු ආහාරවලට එක්කර නොගැනීම.
මත්පැන් වලින් වැළකීම.
හොඳින් ජලය පානය කිරීම.
සිරුරේ බර අඩු කර ගැනීමට නිර්දේශයකින් තොරව ඖෂධ ලබා නොගැනීම
ෆේස්බුක් සමූහ හෝ යූ ටියුබ් ලින්ක් වල ඇති බර අඩු කරන ඖෂධ සහ පාන වර්ග අත්හදා බලන්නට යාමත් ඔබට ෆැටී ලිවර් ඇති වීමට හේතුවක්.
බර අඩු කරගන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන් පෝෂණවේදියෙකු හමු වෙන්න.
ඔමේගා 3 වැනි හිතකර මේද අම්ල වැඩිපුර ආහාරයට ගන්න.
ඔබ දිගින් දිගටම ඖෂධ වර්ග පාවිච්චියට ගන්නවා නම් අක්මා පරීක්ෂාවක් කර ගන්න.
ඔබ අක්මාව ගැන නොසලකා හැරීම නිසා ෆැටී ලිවර් තත්ත්වය දිගටම පැවතීමෙන් සිරෝසිස් රෝගයට ලක් වුණොත් ඔබේ අක්මාව යළි ප්‍රකෘති තත්වයට ගන්න බෑ.
ඒ නිසා සෑමවිටම ඔබේ සිරුර ගැන විපරම් සහගත වෙන්න.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්